පාසල් ගීතය
තුගු නැණ එළි දල්වා
අප දිවී නීති පොබයා
නමදිමු හදවත සුවිසුදු බැතිපා
ශාන්ත තෙරේසා විදුහල් මාතා
සෝමා ලීලා විහාර දේව්
කිත්ලිය සිරිතින් හෙල බල පෙන්වා
සුරු විරු තද තෙද දෑ එඩි වඩවා
නිදහස් චින්තන මල්මද රඳවා
තුගු නැණ එලි දල්වා
අප දිවි නීති පොබයා
නමදිමු හදවත සුවිසුදු බැතිපා
ශාන්ත තෙරේසා විදුහල් මාතා
සිප් සත දහරින් දරු කැල නහවා
මතු දිවි යහමග තෝතැනි පදවා
හෙළ දිවි දස දෙස සිරි නම රඳවා
වැජඹේ, වැජඹේ, වැජඹේවා
වැජඹේ, වැජඹේ, වැජඹේවා